මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනීවළ තුළින් අලුතින් හමුවූ අස්ථි කොටස් සමග එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් හඳුනාගැනීමේ අංක තහඩුවකුත් හමුවී තිබේ.

එහිදී මිනිස් සිරුරු 5 ක අස්ථි කොටස් හමු වී ඇතැයි BBC සිංහල වෙබ් අඩවිය වාර්තා කර ඇත.

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනී වලේ කැණීම් කටයුතු සඳහාත් එම කැණීම් හා පරීක්ෂණ කටයුතුවලට සහාය දීම සඳහාත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහාය ලබා දීමට පසුගිය අගෝස්තු  15 දා තීරණය කොට තිබිණි.

මේ බව යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳව තොරතුරු සොයා බලන සංවිධාන විසින් කරන ලද ඉල්ලීමකට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම තීරණයට එළැඹිණි.

ශ්‍රී ලංකාවේදී මේ වන විට මිනිස් සුසාන භූමි 32 ක් තිබී හමු වූ බවත්, කොක්කුතුඩුයි සුසාන භූමිය 33 වැනි සුසාන භූමිය බවත් එක්සත් ජාතීන්ගේ වාර්තාවක සඳහන් කොට ඇත.

එමෙන්ම  මීට පෙර හමු වූ කිසිදු සමූහ මිනී වළක කැණීම් හා පරීක්ෂණ කටයුතු ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව සිදු නොවූ බවද වාර්තා වේ.