විදේශගත ශ්‍රමිකයින් මේ වසරේ මුල් මාස පහ තුළදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 2300 කට වඩා වැඩි   මුදලක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසා ඇත.

මැයි මාසයේදී පමණක් එවූ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 480 ක් වන බව ද ඇමතිවරයා සදහන් කර තිබේ.

පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත.

මේ ආකාරයට මේ වසර තුළදී එවා ඇති ඩොලර් ප්‍රමාණය රුපියල් බිලියන 792 ක් වන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

මේ වසරේ ජනවාරි මාසයේදී විදේශ ගත ශ්‍රමිකයින් ඇමරිකානු ඩොලර් මිලියන 437.5ක මුදලක් එවා තිබෙන අතර පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 407.4ක මුදලක් එවා තිබේ.

මාර්තු මාසයේදී පමණක් විදේශ ගත ශ්‍රමිකයින් ඇමරිකානු ඩොලර් මිලියන 868.3 ක මුදලක් එවා ඇත.

අප්‍රේල් මාසයේදී විදේශ ගත ශ්‍රමිකයින් ඇමරිකානු ඩොලර් මිලියන 454 ක මුදලක් මෙරටට එවා තිබුණි.