පාර්ලිමේන්තුවේදී මුළු දවසේ ම ප්‍රශ්න ඇසුවත් පිළිතුරු දීමට තමන් සුදානම් බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අද (04) අවධාරණය කර ඇත.

ස්ථාවර නියෝගවල ඇති එම අවස්ථාව ලබාදීම සිදු කළ යුත්තේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන පක්ෂ නායක කමිටුව බව ඔහු කියා පවසා තිබේ.

එම ස්ථාවර නියෝගය ක්‍රියාත්මක කරවා ගැනීම පක්ෂ නායක කමිටුව තීරණය කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ස්ථාවර නියෝගවල තිබෙන, ‘අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න’ නමැති අවස්ථාව ක්‍රියාත්මක නොවීම පිළිබඳ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී විමසූ අවස්ථාවේදීය.