මේ මස අවසන් වීමට පෙර පුනර්ජනනීය බලයෙන් මෙගාවොට් 1100ක් ලබාගැනීමට ගිවිසුම් ගතවීමට නියමිතය.

පරිසර, ඉඩම් සහ අනෙකුත් අවසරයන්ට යටත්ව විදුලිය මිලදී ගැනිම සදහා ගිවිසුම් ගත වීමේ කටයුතු මේ මස නිමවීමට පෙර අවසන් කිරීමට සහ  මෙම ගිවිසුම් ගතවීම් මගින් මෙගාවොට් 1110ක ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක්කර ගැනිමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කර ඇත.

විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේදී , විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 6ක් පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමේදි මෙය සාකච්ඡා කර තිබේ.