පසුගිය වසරේ පැවැති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී ආජන්ටිනා කණ්ඩායමේ නායක ලියෝනාල් මෙසී පැලඳ සිටි ජර්සි 06ක් ඇමෙරිකානු ඩොලර් මිලියන 7.8කට හෙවත් ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 250ක පමණ මුදලකට අලෙවි වී ති‌බේ.

එය මෙතෙක් වෙන්දේසියකදී ක්‍රීඩක ජර්සි අලෙවි වූ දෙවැනි ඉහළම වටිනාකම ලෙස වාර්තා වී ඇත. මෙතෙක් වෙන්දේසියකදී වැඩිම මිලකට අලෙවි වී ඇත්තේ පැසිපන්දු ක්‍රීඩක මයිකල් ජෝර්ඩන් NBA තරගාවලියේදී පැලඳ සිටි ජර්සියයි. එය පසුගිය වසරේදී ඩොලර් මිලියන 10.1කට අලෙවි වී තීබුණි.