පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී ඊයේ (17) ඉන්ටර් මියාමි පාපන්දු සමාජය සමග එක්වූ අතර එහිදී ඔහුට උණුසුම් පිළිගැනීමක් හිමි විය. මෙසී යුරෝපයෙන් පිටත පාපන්දු ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට එකඟ වූයේ ප්‍රථම වතාවටයි.

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ Lauderdaleහිදී ඊයේ පස්වරුවේ මෙම පිළිගැනීමේ උත්සවය සංවිධානය කර තිබිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්ටර් මියාමි පාපන්දු සමාජයේ සම හිමිකාරිත්වයක් ඇති ලෝක ශූර ඩේවිඩ් බෙකම් පවසා ඇත්තේ මෙසීගේ එක්වීම ලෝක පාපන්දු ක්‍රීඩා සමාජ මෙන්ම එක්සත් ජනපදයේ මියාමි අනාගතය උඩු යටිකුරු කළ හැකි බවට තමන් විශ්වාස කරන බවයි.