ලෝක ශූර ආජන්ටිනා කණ්ඩායමේ නායක ලියොනල් මෙසී තමන් ක්‍රීඩා කරන PSG කණ්ඩායමෙන් ඉවත්ව ඇමෙරිකාවේ INTER MIAMI කාණ්ඩායම සමග ඒක්වීමට තීරණය කර තිබේ.

මෙසී 2021 වසරේදී වසර 02ක ගිවිසුමක් සඳහා PSG කණ්ඩායම සමග එක්වුණි. ඔහු ඉන් ඉවත්ව මීට පෙර ඔහු ක්‍රීඩා කළ BARCELONA කණ්ඩායම සමග එක්වීමට සිටි බවත්, කෙසේ නමුත් පසුව සිය සුවපහසුව තකා INTER MIAMI කාණ්ඩායම සමග ඒක්වීමට තීරණය කළ බවත් මෙසී පවසා තිබේ.

මීට අමතරව සුපිරි පාපන්දු ක්‍රීඩක කරීම් බෙන්සිමා සෞදි අරාබියේ අල්-ඉටිහාඩ් පාපන්දු සමාජය සමග එක්වීමට තීරණය කර තිබේ.

රියාල් මැඩ්රිඩ් පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කළ කරීම් බෙන්සිමා මෙම වසරේදී එම ක්‍රීඩා සමාජයෙන් ඉවත්වන බව පවසා සිටියේය. රියාල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ බෙන්සිමා ගෝල 354ක් රැස් කර ඇති අතර, ඔහු එහිදී දෙවැනි වන්නේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පමණි.

කවිඳු කාරියවසම්