ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියෝනල් මෙසී සිය පාපන්දු තරග ජීවිතයේ වාර්තා කළ ඉක්මන්ම ගෝලය ඊයේ (15) වාර්තා කළේය. ඔහු මෙම ගෝලය වාර්තා කළේ බීජිංහිදී පැවැති ඔස්ට්‍රේලියාව සහ ආර්ජන්ටිනාව අතර පැවැති සුහද පාපන්දු තරගයේදීය.

එම තරගය ආරම්භ වී තත්පර 79ක් වැනි කෙටි කාලයකදී ලියෝනල් මෙසී මෙම ගෝලය වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව දකුණු ඇමෙරිකානු පාපන්දු පාලක මණ්ඩලයේ ක්‍රීඩා දත්තවලට අනුව, මෙසී පාපන්දු තරගයක ආරම්භක තත්පර 60 හැර අනෙක් සෑම මිනිත්තුවකදීම ගෝල රැස් කර තිබේ. මෙසී වැඩිම ගෝල සංඛ්‍යාවක් එනම් ගෝල 16ක්ම වාර්තා කර ඇත්තේ 87වැනි මිනිත්තුවේදීය.

ආර්ජන්ටිනාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති සුහද තරගය ගෝල 2-0ක් ලෙස ආරජන්ටිනාව ජය ගනිමින් අවසන් විය