ඔස්ට්‍රේලියානු රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 74ක යුධ ආධාර පැකේජයක් යුක්රේනයට  ලබාදීමට තීරණය කර ඇත.

මෙම යුධ ආධාර පැකේජයට යුධ වාහන 70ක්,පතොරම් සහ මානුෂිය ආධාර ඇතුළත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

එමෙන්ම තම රජය නිරන්තරයෙන් යුක්රේනයට සහය දෙන බව ද ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese ප්‍රකාශ කර ඇත.

මීට පෙරද ඔස්ට්‍රේලියාව විසින් යුක්රේනයට යුධ ආධාර පැකේජයක් ලබාදී තිබුණි.