පසුගියදා නැගෙනහිර යුක්රේනයේ රුසියානු පාලනය යටතේ ඇති Donbas ප්‍රදේශයේ පැවති සංදර්ශනයක් අතරතුරදී යුක්රේන හමුදා එල්ල කරන ලද රොකට් ප්‍රහාරයකින් රුසියානු නිළි Polina Menshikh මියගොස් ඇති බව වාර්තා වනවා.

වේදිකා නිළියක මෙන්ම අධ්‍යක්ෂවරියකද වන Polina රුසියානු භටයින් වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහනක ගීත ගායනයක් ඉදිරිපත් කරමින් සිටින අතර තුර ඒ අසල තිබූ ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමිනුයි මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ. වේදිකාව මතට ගොඩනැගිල්ල කඩා වැටී ඇති අතර, එම ප්‍රහාරයෙන් 25 දෙනෙකු මරණයට පත් ව, 100කට වඩා තුවාල  ලබා තිබෙන බව යුක්රේන හමුදා ප්‍රධානියකු වන Robert Brovdi පවසා තිබෙනවා. යුක්රේන ප්‍රහාරයක් එල්ල වී ඇති බව රුසියාව විසින් ද පිළිගෙන ඇති නමුත් ජීවිත හානි සම්බන්ධයෙන් කිසිඳු නිවේදනයක් මෙතෙක් නිකුත් කර නැහැ.

එම සිදුවීම අවස්ථාවේ පටිගත කළ වීඩියෝවක් ද සමාජ මාධ්‍ය තුල මේ වන විට සංසරණය වන අතර, එම වීඩියෝව පහතින්.