යුද හමුදාවේ  27000 ක් පසුගිය වසර දෙකේදී   සේවය අතහැර ගොස් ඇතැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී  ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තුවේදී අද (23) පවසා ඇත.

මෙතන කුමක් හෝ ගැටලුවක් තිබෙන හෙයින් එම ගැටලුව වහා ආමන්ත්‍රණය කළ යුතු බවද ඔහු සඳහන් කර තිබේ.

යුද්ධ කාලයේදිවත් මෙවැනි තත්ත්වයක් නොතිබූ බව තමා විශ්වාස කරන්නේ යැයිද  මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.

අලහප්පෙරුම මහතා මෙසේ පැවසුවේ ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේදීය.

ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද පැවසීය.

දේශපාලඥයන් බරපතළ ලෙස  අපයෝජනයට ලක් කළ ආයතනයක් තමයි පොලිසිය.යුද හමුදාවේ දෙවැනියා දින හතළිහක් නැහැ. යුද  හමුදා ඉතිහාසයේ පළමු වතාවට සිද්ධ වෙච්ච දෙයක්. එහේම ප්‍රමාදයක් ඇති වුණේ ඇයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා හමුදාව ඇතුළේ ගැටලුවක් මතුවෙලා තියෙනවා.මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් තියෙනවා. අවිශ්වාසයක් මතුවෙලා. රටේ මාසයකට මනුෂ්‍ය ඝාතන 50ක් සිද්ධ වෙනවා.  පැය දාහතරකට එක ඝාතනයක්.  සමහර මාස වල ඝාතන හැට ගණන් සිද්ධවෙලා.