2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග යටතේ ඊයේ රාත්‍රියේ තරගයකින් යේමනය හමුවේ ගෝල 3-0ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට සිදු විය.

මෙම තරගය සෞදි අරාබියේ අබා නගරයේදී පැවැති අතර, දෙවැනි තරගය මෙම මස 17වැනිදා කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ජාත්‍යයන්තර පාපන්දු තරගයකට එක්වූූූයේ වසරකට ආසන්න කාලයකට පසුවයි.