පාපන්දු ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ පාපන්දු තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ යේමනය අතර පැවැති දෙවැනි තරගය ගෝල 1-1 ලෙස සම වෙමින් නිමාවට පත් විය.

මේ තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය වාර්තා කිරීමට නායක චරිත රත්නායක සමත් විය.

යේමනය සමග පළමු තරගය පසුගිය 12වැනිදා පැවති අතර එම තරගය ගෝල 3- 0 ලෙස ශ්‍රී ලංකාව පරාජය විය.

පාපන්දු ශ්‍රේණිගතකිරීම්හි ශ්‍රී ලංකාව 207වැනි ස්ථානයේත්, යේමනය ,156වැනි ස්ථානයේත් පසුවේ