වයස අවු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන දෙවන තරගය අද පැවැත්වේ. ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟිනි. තරගය අද මෙරට වේලාවෙන් පෙරවරු 11.00ට ආරම්භ වේ.

තරගාවලියේ සිය ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකාව ජපානය පරදා කඩුලු 7ක පහසු ජයක් ලැබීය.