වයස අවුරුදු 19 පහළ ආසියානු කුසලාන තරගාවලිය අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වේ.

තරගාවලියේ පළමු තරගය ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වීමට නියමිතය.

සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම තරගය ජපානය සමග හෙට පැවැත්වේ.

ශ්‍රී ලංකාව එක්වන දෙවැනි තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග අනිද්දා (11) පැවැත්වීමට නියමිතය.