වයස අවුරුදු 19න් පහළ යොවුන් ආසියානු කුසලානයේ ශූරතාව දිනා ගැනීමට බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අද සමත් විය.

අවසන් මහා තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය, සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 283ක ඉලක්කයක් ලබාදුන්නේය.

ඒ අනුව එම ඉලක්කය හඹා ගිය එක්සත් අරාබි එමීර් කණ්ඩායමට පන්දුවාර 24.5 අවසානටේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 87ක් පමණි.

මෙම තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.