ෙස්ට් තරගයක් සහ එක්දින තරග 05කින් යුත් සංචාරයක් සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද පාකිස්තානය බලා පිටත් විය.

තරගාවලිය ආරම්භ කරමින් ඔක්තෝබර් මස 15වැනිදා සිව්දින ටෙස්ට් තරගය ආරම්භ වීමට නියමිත අතර, තරග 05කින් යුත් එක්දින තරගාවලිය ඔක්තෝබර් මස 22වැනිදා සිට 31වැනිදා දක්වා පැවැත්වේ.

ක්‍රීඩකයන් 16 දෙ‌නෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සිනෙත් ජයවර්ධනට හිමිව තිබේ. උපනායකයා ලෙස මල්ෂ තරුපති කටයුතු කරයි.

තරග කාලසටහන

සිව්දින ටෙස්ට් තරගය – ඔක්තෝබර් 15 සිට 18 දක්වා.

පළමු එක්දින තරගය – ඔක්තෝබර් 22

දෙවැනි එක්දින තරගය – ඔක්තෝබර් 24

තෙවැනි එක්දින තරගය – ඔක්තෝබර් 27

සිව්වැනි එක්දින තරගය – ඔක්තෝබර් 29

පස්වැනි එක්දින තරගය – ඔක්තෝබර් 31