2023 ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ අද පැවැති අවසන් පූර්ව වටයේ තරගයේදී මැලේසියාව හමුවේ පරාජය වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු විය. තරගයේ අවසාන ලකුණු සටහන දැක්වුණේ ලකුණු 36-77ක් ලෙසයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් වටයට පිවිසීමේ බලාපොරොත්තු ගිලිහී ගියේය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මූලික වටයේ සහභාගි වූ තරග 04න් තරග 03ක් ජය ගැනීමට සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මූලික වටයේදී දකුණු කොරියාව, බෲනායි සහ චීන තායිපේ කණ්ඩායම් සමග පැවැති තරග ජයගත් අතර, සිංගප්පූරුව සමග පැවැති තරගය පරාජය විය.