2023 ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අද පැවැති තරගය පරාජය වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු විය. ඒ ලකුණු 51-29ක් ලෙසයි.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගයේදී දකුණු කොරියාව ලකුණු 94-08ක් ලෙස පරාජයට පත් කළේය. එමෙන්ම බෲනායි පිලට එරෙහිව මූලික වටයේ දෙවැනි තරගයෙන්ද ලකුණු 82-16ක් ලෙස ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ අවසන් තරගයට හෙට (14) චීන තායිපේ කණ්ඩායම සමග තරග වැදීමට නියමිතය.
ආසියානු කලාපයේ රටවල් 11ක සහභාගිත්වයෙන් ආසියානු නෙට්බෝල් සංගමය විසින් පවත්වනු ලබන මෙම තරගාවලිය ජුනි 17වැනිදා දක්වා දකුණු කොරියාවේදී පැවැත්වේ.