යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ අදින් නිමාවට පත් විය. එහිදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර, ඒ අනුව ඔවුන්ට පදක්කම් සටහනේ හිමිවූයේ 21වැනි ස්ථානයයි. තරගාවලියට රටවල් 61ක් එක්ව සිටියේය.

ඔස්ට්‍රේලියාවට තරගාවලියේ පළමු ස්ථානය හිමිවූ අතර, ඔවුන් රන් පදක්කම් 26ක්, රිදී පදක්කම් 17ක් සහ ලෝකඩ පදක්කම් 21ක් සමගින් සමස්ත පදක්කම් 64ක් දිනාගත්හ. දෙවැනි ස්ථානය එංගලන්තයට හිමිවූ අතර, තෙවැනි ස්ථානය දිනාගත්තේ ස්කොට්ලන්තයයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයේ අයෝමාල් අකලංක රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර, ඔහු පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ දෙවනියා විය. ඊට අමතරව දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ නිළුපුල් තේජන ලෝකඩ පදක්කමක් දිනා ගත්තේ උස පැනීමේ ඉසව්ව නියෝජනය කරමිනි.