වගා ආරක්ෂා කර ගැනීමට ගොවීන්ට පතරොම් තුවක්කු නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

ඒ ඊයේ (15) ජාතික ගොවිජන බලමණ්ඩලය සමග පැවැති සාකච්ඡාවේ දී බවයි සඳහන් වන්නෙ.

තවද, වගා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන්ට පතරොම් තුවක්කු නිකුත් කිරීම සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශයට ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා විසින් ලිපියක් නිකුත් කිරීමට නියමිත බවද වාර්තා වේ.