රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟයක් මතුව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සඳහන් කර ඇත.

ඉන්සියුලින් සැපයීමට ටෙන්ඩරය ලබාදුන් සැපයුම්කරු නියමිත ප්‍රමාණයෙන් ඉන්සියුලින් ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව ඔහු පැවසා තිබේ.

ඒ අනුව මතුව ඇති හිඟය හේතුවෙන් වෙනත් සැපයුම්කරුවන් දෙදෙනෙකු මාර්ගයෙන් ඉන්සියුලින් ආනයනයට පියවර ගනිමින් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.

මෙම හිඟය මග හැරවීම සඳහා ඉන්සියුලින් අඩංගු ඇසුරුම් 50,000 ක් හදිසි මිලදී ගැනීමක් ලෙස ආනයනයට පියවර ගත් බවත් ලබන සැප්තැම්බර් මාසයේදී එම තොග ලැබීමට නියමිත බවත් හෙතෙම පවසා ඇත.