රටවල් 7ක් වෙත නියමු ව්‍යාපෘතියක් වශයෙන් වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එලැබෙන මාර්තු 31 වනදා දක්වා එම සහනය ලබාදෙන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  ට්විටර් පණිවිඩයක්   තබමින් සඳහන් කර ඇත.

ඒ අනුව ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලට වීසා බලපත්‍ර රහිතව ඇතුළුවීමට අවසර හිමිවේ.