බංකොලොත් වී තිබුණු අපේ රටේ ආර්ථිකය කෙටි කාලයකින් නැවත යථා තත්වයට පත් වීම සම්බන්ධයෙන් විදෙස් නායකයන් පවා පුදුමයට පත්ව ඇති බව සපුගස්කන්ද ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් ජනාධිපතිවරයා පවසයි.

එහි​දි අදහස් දක්වමින් ඔහු කියාසිටි​යේ, තමා ආණ්ඩුව භාරගන්නා විට රට දුෂ්කරම තත්වයක තිබූ බවත්, රට බේරාගැනීමට සහ ආර්ථිකය ගොඩ නැගීමට තමාට තිබූ වුවමනාව නිසා රට භාරගත් බවයි.

“ඉතා කෙටි කාලයකින් අපි දියුණු වුණු එක ගැන බොහෝ ලෝක නායකයින් පුදුමයට පත්වුණා. ඉදිරියේදී ආර්ථිකයේ ස්ථාවර භාවයක් ඇති වේවි. රටේ ආදායම් වැඩිකරන්න ඕනේ. ඒ නිසා තමයි කනගාටුවෙන් හරි වැට් වැඩි කරන්න සිදුවුණේ.” යනුවෙන් ජනාධිපතිවරයා එහිදි පැවසුවේය.