කොත්මලේ සිට බියගම දක්වා ඇති විදුලි සැපයුම් පද්ධතියට අකුණක් වැදීම හේතුවෙන් මධ්‍යම විදුලි පද්ධතිය බිද වැටී ඇත.

පස්වරු 5 : 00ට පමණ මෙලෙස දිවයින පුරා විදුලිය බිඳවැටීම සිදුවූ අතර, මෙය යතා තත්ත්වයට පත් වීමට පැය දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව විදුලිබල මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව එම මණ්ඩලය පවසයි.