පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට අපේ ජන බල පක්ෂය ගත් තීරණය නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) තීන්දු කර ඇත.

තමන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට එරෙහිව අතුරලියේ රතන හිමියන් විසින් ගොනුකළ පෙත්සමක තීන්දුව දෙමින් ජනක් ද සිල්වා, මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.