‘රත්තරං’ යනු කුඩා කාලයේ තමාට ලැබුණු අන්වර්ථ නාමයක් බව​ත්, මාල කැඩීම් සම්බන්ධයෙන් තමාට එරෙහිව පොලිස් පැමිණිල්ලක් ලැබී ඇති බව කවුරුන් හෝ ඔප්පු කළහොත් තමන් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවත් පාර්ලිමේන්තු අමාත්‍යය රෝහිත අබේගුණවර්ධන පවසයි.

ඔහු එහි​දී පවසන්​නේ කුඩා කාලයේ තමාට ‘රත්තරන්’ යන අන්වර්ථ නාමයෙන් කතා කළ බවත්, දේශපාලනයට පැමිණි පසු මාල කොල්ලකෑම නිසා තමාට රත්තරන් යැයි මිනිසුන් කියන්නට පටන් ගත් බවත්ය.

“අපි ඉපදෙනකොට අපිට අන්වර්ථ නම් දෙනවා. මට පොඩි කාලේ කිව්වේ රත්තරං කියලා. මගේ පැත්තේ අය මාව දන්නේ රත්තරං කියලා. මම දේශපාලනයට ආවට පස්සේ මිනිස්සු කියන්න පටන් ගත්තා මම මාල කඩාගත්ත නිසා මට රත්තරං කියලා.”

අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී අදහස් දක්වමින් ඔහු කියාසිටියේ සමාජ මාධ්‍ය හිට්ස් ලබාගැනීමට සහ මුදල් ඉපැයීම සඳහා ඇතැමුන් මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කරන බවයි.