ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යවා ඇති බව පැවසෙන ලිපි තුන සම්බන්ධයෙන් තමා සොයාබලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ එම ලිපි තුන තමා වෙත එවන ලෙසය.

එහිදී ප්‍රේමදාස මහතා පැවසුවේ තමා එම ලිපි සභාගත කළ බවය.