ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් අද (18 වැනිදා) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉල්ලීමකට අනුව මෙම හමුව සිදුවන අතර පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන්ද එම හමුවට එක්වීමට නියමිතය.

ඒ සඳහා හිටපු සභාපතිවරු හතළිහක් සහභාගිවන බව ද සඳහන් වේ.

මෙම හිටපු සභාපතිවරු මුහුණ දී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි අරමුණ වේ.