Saxony කුමරිය හෙවත් Xenia Florence Gabriela Sophie Iris නම් ජර්මානු රජ කුමරිය සුප්‍රකට Playboy සඟරාවේ 2024 මාර්තු ප්‍රකාශනය (German edition) සඳහා නිරුවතින් පෙනී සිටීම හේතුවෙන් මහත් ආන්දෝලනයක් ඇති වී තිබෙනවා. රාජකීය පෙළපතකට අයත් වූවකු මෙවැනි ක්‍රියාවක් සිදු කළ ප්‍රථම අවස්ථාව ලෙසයි මෙය වාර්තා වන්නේ.

 

මෙම ආන්දෝලනාත්මක ක්‍රියාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ 37 හැවිරිදි වියේ පසුවන Xenia කුමරිය පවසා ඇත්තේ සිය මී මුත්තණුවන් වන 1932 දී මියගිය Saxony හි අවසන් රජු වූ තුන්වැනි Friedrich August රජු ද ජීවත්ව සිටියා නම් අනිවාර්යයෙන්ම මෙම ක්‍රියාව අනුමත කරනු ඇති බවයි. ඇය පවසන ආකාරයට ඇය විසින් මෙම ක්‍රියාව සිදු කර ඇත්තේ සෑම කාන්තාවක් සතුවම ඇයට අනන්‍ය අලංකාරයක් ඇත (every woman is beautiful the way she is) යන පණිවුඩය ලෝකයට ලබා දිමටයි.