රාජපක්ෂලා රටේ ආර්ථිකය කඩා වැට්ටුව බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඓතිහාසික තීන්දුවක් බවත් සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසා ඇත.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ , මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ , අජිත් නිවාඩ් කබ්රාල් , පී.බී ජයසුන්දර ඇතුළු මහබැංකුවේ මුදල් මණ්ඩලය රටේ සිටින සියලුම ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙන බවත් රහුමාන් මහතා සඳහන් කර තිබේ.

මෙම නඩු තීන්දුව හරහා රටට යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට සහ පාලකයන් ජනතාවට වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රකාශයට පත් කර තිබෙන බවත් පාලකයන්ට හිතුමතේට උද්දච්චලෙස තමන්ගේ තීන්දු හරහා වැඩ කිරීම වැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණ මෙම නඩු තීන්දුවෙන් තීන්දු කරලා තිබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.

රාජපක්ෂලාට උපදෙස් දුන්න සියලු දෙනා සහ වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ සිටින පිරිසද ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ කොටස්කරුවන් බව ද ඔහු
අද (15) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.