2024 අප්‍රේල් මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප 10,000කින් ඉහළ  දැමීමට කටයුතු කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

මේ වන විට රුපියල් 7800 ක් වන රාජ්‍ය සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව 2024 වර්ෂයේ සිට රුපියල් 10,000 කින් එනම් රුපියල් 17,800 දක්වා ඉහළ නංවන බව ඔහු සඳහන් කර තිබේ.

2024 අයවැය කතාව සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

එමෙන්ම රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප 2,500කින් ඉහළ දැමීමටත් මෙවර අයවැයෙන් යෝජනා කර ඇතැයි ඔහු ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද පවසා ඇත.

රජයේ සේවකයන් සඳහා 2015න් පසු වැටුප් වැඩිවීමක් ලැබී නැහැ.මේ නිසා රජයේ සහනයක් ලබා යෝජනා කරනවා.2024 ජනවාරියේ සිට ජීවන වියදම් 10,000 කින් වැඩි කරනවා. මේ වැඩිවීම අප්‍රේල් මාසයේ සිට වැටුපට එකතු කරනවා.

එමෙන්ම ලබන වසරේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.

අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (13) මේ බව සඳහන් කර තිබේ.