සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන් ගේ නවතම ක්‍රියදාම චිත්‍රපටය වන “Fighter”
75 වන ඉන්දීය ජනරජ දිනයට සමගාමීව 2024 ජනවාරි 25 දින සිට තිරගත කරන බව මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. ඒ, Fighter හි චලන පෝස්ටරය (Motion poster) මාධ්‍ය වෙත මුදා හරිමින්.

Viacom 18 Studios නිෂ්පාදනයක් වන Fighter චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ අති සාර්ථක War සහ Pathan යන ක්‍රියාදාම චිත්‍රපටවල අධ්‍යක්ෂක වරයා වන සිද්ධාර්ත් ආනන්ද් විසින්. සුපිරි නිළි දීපිකා පඩුකෝන් සහ ප්‍රවීණ නළු අනිල් කපූර් ද මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වනවා.

උමේෂ් ද සිල්වා