ඓතිහාසික ගැටබරු ඇසළ රන්දෝලි පෙරහැර හේතුවෙන් දෙනියාය අකුරැස්ස ප්‍රධාන මාර්ගය භාවිත කරන රියදුරන් වෙත පොලීසිය විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත.

හෙට (01) දහවල් 01.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ ඓතිහාසික ගැටබරු ඇසළ රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම සිදුකරන බව දානවා තිබේ.

ඒ අනුව මේ හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් අදාළ මාර්ගය භාවිත කරන රියදුරන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලිමක් කර ඇත.