රුසියානු හමුදා යුක්‍රේනයේ ඊසානදිග ප්‍රදේශයේ මෙහෙයුම් දැඩි කිරීමත් සමග රුසියානු යුක්‍රේන යුද්ධය යළි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.

නවතම විදෙස් මාධ්‍ය සදහන් කළේ කාර්කිව් දේශ සීමා ආසන්න ප්‍රදේශයේ මේ වන විට දරුණු ගැටුම් පවතින බවයි.

ඊයේ දිනය තුළ සිදුවූ ගැටුම්වලින් ළමුන් තිදෙනෙකු ඇතුළු 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

යුක්‍රේන දේශ සීමා ආසන්න ගම්මාන දෙකක් අත්පත් කර ගත් බවයි රුසියානු හමුදාව පවසන්නේ.

පවතින තත්ත්වය හමුවේ දේශ සීමා කලාපයේ ගම්මානවලින් යුක්‍රේනය සිය හමුදා යළි කැඳවා තිබෙනවා.

කෙසේවෙතත් රුසියානු ආක්‍රමණයකට ඉඩ නොතබන බවයි යුක්‍රේනය අවධාරණය කරන්නේ.

ආක්‍රමණයේ දරුණු තත්ත්වය සළකා වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු විදෙස් සංචාර අත්හිටුවීමටයි යුක්‍රේන ජනාධිපති ව්ලොදොමීර් සෙලෙන්ස්කි තීරණය කර ඇත්තේ.