රුසියානු ගුවන් සේවය වන Azur Air අද (01) සිට ශ්‍රී ලංකාව වෙත මෙහෙයුම් ආරම්භ කර ඇත.

එමෙන්ම රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු කුලී ගුවන් ගමන් ශීත කාලය සඳහා ක්‍රියාත්මක කරන බව ද ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) ලිමිටඩ් (AASL) සඳහන් කර තිබේ.

Azur Air රුසියාවේ Venukov, Tolmochev, Krasnoyarsk සහ St Petersburg සිට සතියකට ගුවන් ගමන් හතරක් (04) ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පළමු ගුවන් යානය මගීන් 332 දෙනෙකු සමඟ කටුනායක ගුවන් තොටුපළට (BIA) අද උදෑසන ළඟා වී ඇත.