ෆින්ලන්තය හෙට(30) රුසියානු දේශසීමාවේ අවසන් මෙහෙයුම් මුරපොල වසා දමන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම Nato සංවිධානයට අයත් ෆින්ලන්තය නැගෙනහිර දේශසීමාවද සති දෙකකට සම්පූර්ණයෙන්ම වසා දමන බවයි සඳහන් වේ.

රුසියාව විසින් මිනිසුන් පොළඹවමින් කටුක ශීත තත්ත්වයන් යටතේ ෆින්ලන්ත දේශ සීමාවට සංක්‍රමණිකයන් යොමු කරන අතර ෆින්ලන්තය මෙම සංසිද්ධිය අවසන් කිරීමට තීරණය කළ බව ෆින්ලන්ත අග්‍රාමාත්‍ය Petteri Orpo නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

ඒ අනුව අවසාන මුරපොල නොවැම්බර් 30 මධ්‍යම රාත්‍රියේ වසා දමන අතර නැගෙනහිර දේශසීමාව දෙසැම්බර් 13 දක්වා වසා තබන බවයි ෆින්ලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

Border guards and a customs official check a truck at the Raja-Jooseppi international border crossing station in Inari, northern Finland on November 28, 2023 [Lehtikuva/Emmi Korhonen via Reuters]

order guards at the Raja-Jooseppi international border crossing in Inari, Finland, on Tuesday. Photograph: Lehtikuva/Reuters