රුසියාව විසින් වසර 47 කට පසු සඳ වෙත රොබෝ ගවේෂණ යානයක් දියත් කර ඇත.

මෙම යානය සඳුගේ දක්ෂිණාර්ධ ගෝලයට පතිත කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

දියත් කිරීමේ අරමුණ, සඳ මතුපිට පස්වල ඇති ජල අංශු පරීක්ෂා කිරීම බව සඳහන් වේ.

‘ලූනා 25’ නමැති මම යානය ‘සෝයුස් 12’ රොකට්ටුවේ ආධාරයෙන් අභ්‍යවකාශයට ගෙන යන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව මෙම යානය අගෝස්තු 21 වන දින සඳ මතුපිටට ගොඩ බෑමට අපේක්ෂා කරන වැඩිදුරටත් සදහන් වේ.