ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඊයේ සිය 200වැනි ජාත්‍යන්තර පාපන්දු තරගයට සහභාගි විය. ඒ ඒ යුරෝපීය ශූරතාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වෙනුවෙන් ඊයේ පැවැති අයිස්ලන්තයට එරෙහි තරගයට සහභාගි වෙමිනි. මේ අනුව ජාත්‍යන්තර පාපන්දු තරග 200කට සහභාගි වූ පළමු පාපන්දු ක්‍රීඩකයා බවට පත් වීමටද රොනාල්ඩෝ සමත් විය.

මෙම තරගය ගෝල 1-0 ලෙස පෘතුගාලය ජයගත් අතර 89වැනි මිනිත්තුවේදී තරගයේ වාර්තා වූ එකම ගෝලය වාර්තා කිරීමට රොනාල්ඩෝට හැකි විය. සිය 200වැනි ජාත්‍යන්තර තරගය ජයග්‍රාහී ගෝලයකින් සැමරීමට හැකියාව ලැබීම සතුටට කරුණක් බවයි රොනාල්ඩෝ පවසා සිටියේ.

මීට පෙර වැඩිම ජාත්‍යන්ත පාපන්දු තරග සංඛ්‍යාවට සහභාගි වී තිබුණේ කුවේට්හි බඩර් අල්-මුටාවාය. ඔහු ජාත්‍යන්ත පාපන්දු තරග 196කට සහභාගි වී තිබුණි.