‘Sycamore Gap’ හෙවත් රොබින් හුඩ් ගේ ගස ලෙස හැඳින්වූ එංගලන්තයේ ඓතිහාසික ස්ථානයක් හිමිකරගෙන සිටි ගසක් පසුගියදා කිසියම් පිරිසක් කපාදමා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම ගස කපාදැමීම සම්බන්ධයෙන් 16 හැවිරිදි අයෙකු පොලිසිය මගින් අත්තඩංගුවට ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලිමක් කර තිබේ.

එංගලන්තයේ උතුරු දිග Northumberland ප්‍රදේශයේ පිහිටා තිබූ මෙම දැවැන්ත ගස වසර 200 කට වඩා පැරණි යැයි විශ්වාස කෙරේ.

එංගලන්තයේ ජනප්‍රියතම ගසක් වූ මෙම ගස කාලයක් පුරා සංචාරකයන්ගේ විශාල ආකර්ෂණයක් දිනාගෙන තිබිණි.

2016 වසරේදී වුඩ්ලන්ඩ් භාරය විසින් සංවිධානය කරන ලද තරඟයකදී මෙය වසරේ ගස ලෙස නම් කරන ලදී.

එමෙන්ම මෙම ගස 1991 දී Kevin Costner රඟපෑ Robin Hood: Prince of Thieves චිත්‍රපටයේ දර්ශන තලය ලෙස යොදාගත් බැවින් එය රොබින්හුඩ් ගේ ගස ලෙස හැදින්වේ.

MP Guy Opperman said the damage was “unquestionably a criminal act”

 

The tree in Sycamore Gap was found cut down on Thursday morning