ශ්‍රී ලංකාවට සහය වීම සඳහා උපරිමයෙන් කැපවන බවට ලෝක බැංකුවෙන් සහතිකයක් ලබා දී ඇත.

එහි දකුණු ආසියානු කලාපීය උප සභාපති මාටින් රයිසර් මහතා මේ බව කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික හමුව අතරතුර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සමග පැවැති හමුවක දිය.

කෘෂිකාර්මික නවීකරණය හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයන් ශක්තිමත් කිරීම සේම අනෙකුත් ක්ෂේත්‍ර අතර සහයෝගය වැඩි දියුණු කිරීම පිළිබඳව එහි දී සාකච්ඡා කෙරුණු බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සහ ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක් ද පැවැත්විණි.

ශ්‍රී ලංකාවට තවදුරටත් සහය විය හැකි ආකාරය සම්බන්ධව එහි දී සාකච්ජා කළ අතර ණය කළමනාකරණය, දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සහ රජයේ කාර්ය සාධන කළමනාකරණය ඇතුළු අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු වී තිබේ.