ලංවිම කළමණාකාරීත්ව​ය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් හෝ සේවාවලට බාධා කරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් උපදෙස් ලබාදී තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

එමෙන්ම විදුලි බිල අඩුකිරීමේ යෝජනාව ද ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා සිය ට්විටර් සටහනේ සඳහන් කර තිබේ.