ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපොළට පිවිසීමට ගිවිසුම් අත්සන් කළ චීනයේ සිනොපෙක් සමාගමට අයත් පළමු නෞකාවේ ඉන්ධන තොගය ලබන මස මුලදී දිවයිනට පැමිණෙන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඩී.වී.චානක අනාවරණය කර ඇත.

මේ අතර, නව සමාගම පැමිණීමත් සමග වත්මන් ඉන්ධන මිල සූත්‍රය වෙනුවට උපරිම සිල්ලර මිලක් සටහන් කෙරෙන නව මිල සූත්‍රයක් හඳුන්වාදීමට පියවර ගන්නා බවත්, එමගින් රටට වාසිදායක ඉන්ධන තරඟකාරීත්වයක් ඇති කිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය ඇමැතිවරයා පවසා ඇත.

ඒ අනුව, අගෝස්තු මාසයේ සිට නව මිල සූත්‍රය යටතේ සියලුම ඉන්ධන සමාගම් වෙත රජය විසින් උපරිම සිල්ලර මිලක් (MRP) නියම කරන බවට ඔහු සහතික වී තිබේ.

QR කේතය සම්බන්ධයෙන් ඉදිරියේදී සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කර ඇත.