එළඹෙන වසරේ සිට දෛනිකව ස්වයංක්‍රියව ඉන්ධන මිල සංශෝධනයට තීරණය කර ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා තිබේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවිකරුවන්ගේ සංගමය සමග පැවති හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

මෙහිදි ඉන්ධන බෙදාහැරීම ඉදිරි සංවර්ධන කටයුතු සහ නව ඉන්ධන පිරවුම්හල් පිළිබඳ ගැටලු සාකච්ඡා කර ඇත.

ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ස්වයංක්‍රීය පරිඝනකගත මෙහෙයුම් පද්ධතියකට ගොනු කිරීමට මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබේ