නැවත විදුලි ගාස්තු සංශෝධනය සිදුකරන්නේ 2024 වසරේ අප්‍රේල් මාසයේදී බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා ඇත.

එමෙන්ම ඉදිරියේදී වර්ෂයකට මාස 03කට වරක් විදුලි බිලේ සංශෝධනයක් සිදුකිරීමට අද කැබිනට් අනුමැතිය හිමිවිය.

කෙසේ වෙතත් මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී විදුලි බිල සංශෝධනයක් කිරීම හේතුවෙන් එළඹෙන වසරේ ජනවාරි පළමුවනදා විදුලිබිල සංශෝධනය නොකරන බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ඒ අනුව මීළඟ විදුලි බිල සංශෝධනය සිදුකරන්නේ 2024 වර්ෂයේ අප්‍රේල් මස 01 වනදාය.