ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවීණ වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග නැවතත් මුම්බායි ඉන්දියන්ස් සමගින් එක්වී තිබේ. ඒ පුහුණුකරුවෙකු ලෙසයි. ඇමෙරිකාවේ ආරම්භ වන මේජර් ලීග් තරගාවලියේ MI New York කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ලසිත් මාලිංගව පත් කර ඇත.

MI New York කණ්ඩායමේ නායකයා ලෙස කිරන් පොලාඩ් කටයුතු කරයි. ඇෆ්ගනිස්තාන විස්සයි20 නායක රෂීඩ් ඛාන් සහ බටහිර ඉන්දීය කොදෙව් හිටපු නායක නිකලස් පූරන් ද එම කණ්ඩායමට ඇතුළත් වේ.

ඊට අමතරව නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට්, ඕස්ට්‍රේලියානු පිතිකරු ටිම් ඩේවිඩ්, නැඟී එන දකුණු අප්‍රිකානු ක්‍රීඩක බ්‍රෙවිස්, වේග පන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩා සහ නැමීබියානු තුන් ඉරියව් ක්‍රීඩක ඩේවිඩ් වයිස් ද මෙම කණ්ඩායමට ඇතුළත්ව සිටී. MI New York කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රීඩකයන් 09දෙනෙකු ඇතුළත්ය.

හිටපු දකුණු අප්‍රිකානු සහ මුබ්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෙකු සහ MI කේප් ටවුන්හි අධ්‍යක්ෂ රොබින් පීටර්සන් මෙම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර, ලසිත් මාලිංග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි. J Arun Kumar සහ James Pamment පිළිවෙළින් පිතිකරණ සහ පන්දු රැකීමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරනු ලබයි.