ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ආර්ථික විද්‍යාඥයෙකු වන 66 හැවිරිදි ධර්මන් ෂන්මුගරත්නම් මහතා සිංගප්පූරුවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී ඇති බව වාර්තා වේ.

ඔහු හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයෙකු ලෙසද ඔහු සේවය කර ඇත.

වසර 10 කට පමණ පසුව සිංගප්පූරුවේ පැවති ජනාධිපතිවරණයෙන් සියයට 70.4 ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ධර්මන් ෂන්මුගරත්නම් මහතා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වි ඇති බවයි විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ.

ජනාධිපතිවරණයෙන් ලද ජයග්‍රහණයත් සමග එරට මැතිවරණ කොමිසම ඊයේ (01) ධර්මන් ෂන්මුගරත්නම් මහතා සිංගප්පූරුවේ නව ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

සිංගප්පූරු පාලක පක්ෂයේ ප්‍රධානියෙකු වූ ධර්මන් ෂන්මුගරත්නම් මහතා ජනාධිපතිවරණයට පෙර පක්ෂයෙන් සහ රජයෙන් ඉල්ලා අස් වී ඇති බවත් සඳහන්.

ධර්මන් ෂන්මුගරත්නම් මහතාගේ පියා වූ මහාචාර්ය කනගරත්නම් ෂන්මුගරත්නම් මහතා ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් සහිත පුද්ගලයෙකි.