ලාෆ්ස් ගෑස් සමාගම සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩර්වල මිල ගණන් පහළ දමා තිබේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට නව මිල ගණන් ක්‍රියාත්මක බව එම සමාගම සඳහන් කර ඇත.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රු. 300කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු. 3,690ක් දක්වා පහළ යනු ඇත.

එමෙන් ම, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 120කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු. 1,476ක් දක්වා පහළ ගොස් තිබේ.