අද සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල ඉහල දමා තිබේ.

කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 685කින් ඉහල නංවා ඇති අතර ඒ අනුව, එහි නව මිල රුපියල් 4250ක් වේ.

කිලෝග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 276කින් ඉහල දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1707කි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් ද රුපියල් 127කින් ඉහල නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 795ක් වේ.