ලෙබනනයේ, බීරූට් අගනුවර ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් තිබේ. 

මාතර,මිරිස්ස ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇති බව

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, ගාමිණී සෙනරත් යාපා

සඳහන් කර ඇත.

මහල් ගොඩනැගිල්ලක් පසුගිය 16 වැනිදා එලෙස කඩා වැටීමට ලක්ව තිබුණි.

එහි සුන්බුන් අතර තිබී අදාළ කාන්තාවගේ මෙන්ම ඇය සේවය කළ නිවසේ හිමිකරු ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.

මියගිය කාන්තාවගේ ඥාතීන්ගේ ඉල්ලීම පරිදි දේහය දිවයිනට රැගෙන ඒමට හෝ එරටදී අවසන් කටයුතු කිරීමට පියවර ගන්නා බව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර ඇත.